A/L වලට පාඩම් කරන්නේ කොහොමද ?
පාඩම් කරනවිට නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීම මගින් විභගයෙන් වැඩි ප්‍රතිපල ලැබීමට හැකිය.මේ සඳහා උචිත ක්‍රම කීපයක් පහත සඳහන් කර ඇත.

1. කාලසටහනකට අනුව පාඩම් කිරීම
එක විෂයකට පැය 2 ක් පමණ වෙන්කළ යුතුය, සතියේ දින ගණන අනුව විෂයන් මාරු කල හැක, එක විෂයක් පැය දෙකකට වැඩ පාඩම් නොකළ යුතු අතර පැය 2 කින් පසු සුළු විවේකයක් ලබාගෙන නැවත ආරම්භ කලහැක.
2. එකම වෙලාවකට ආරම්භ කිරීම
එකම වෙලාවට , එකම තැනකදී සැමදාම පාඩම් කීරීමෙන් යෝග්‍ය වේ
3. සියල්ල එකම තැනක
ඔබට පාඩම් කිරීමට අවශ්‍ය සියල්ල එකම තැනක තබන්න, පෑන් , පැන්සල් , පොත් , ප්‍රශ්නපත්‍ර , අනෙකුත් උපකරණ, ජංගම දුරකථනය ඈත් කර තබන්න
4. කෙටි සටහන් සකසන්න
පාඩමක් කෙටි සටහනට නගන්න , පිටු 2-3 ක පමණ සම්පුර්ණ පාඩම කෙටි සටහන් කරන්න , රූප සටහන් , පින්තුර , චිත්‍ර වැනි දෑ මගින් සටහන ගොඩ නගන්න
5. නිතර මතකයට නගන්න
නිතර මතකයට නගන්න , අමතක වූ විගස නැවතත් කෙටි සටහන් බලන්න , කෙටි සටහන් කල පාඩම් සතියකට වතාවක්වත් නැවත බලන්න ,දැන් පාඩමක් සදහා ඔබට ගතවන්නේ විනාඩි කීපයක් පමණි,සම්පූර්ණ විෂයම පැයකින් දෙකකින් ආවර්ජනය කල හැක