Search

සල්ලි දීලා Assignments කිරීම හරිද වැරදිද ?



ඉස්සර හැම course එකකම තිබුනේ විභාග ක්‍රමය. හැබැයි කටපාඩම් කරලා විභාග පාස්වෙච්ච පිරිසක් ගෙන් වෙච්ච යහපතක් නැ. එනිසා විභාග , assignments මිශ්‍ර කරපු ඇගයීම් ක්‍රමයක් අවා . හැබැයි විදේශ University එකක අද්‍යාපනය හදාරනවනම් assignments හා presentation විතරයි ඇගයීම් සදහා පාවිච්චි කරන්නේ .මේ ක්‍රමයේ ප්‍රදාන අරමුණ වෙන්නේ ළමයින්ගේ හැකියාවන් සංවර්දනය කිරීම. ඒ මගින් තමයි ආයතනයක් තුල සාර්ථකව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. සාර්ථක පුද්ගලයෙක් බිහි කරන්න පුළුවන් වෙන්නේ.


(Many craft glassmakers have a foundation degree, higher national diploma or degree in a subject like design crafts, applied arts or glass and ceramics.)


එත් අපි මේ ක්‍රමවේදය පාවිචිචි කරන්නේ වැරදි විදියට. සමහරු සල්ලි දීල assignments කරලා සහතිකේ ගන්න හදන්නේ. තමන්ට රස්සාවට ගිහිල්ල වැඩ කරන්න බැරිනම් අනුන් කරලා දෙන assignment එකක් දීලා සහතිකයක් අරන් මොනා කරන්නද ? University එකටයි assignments වලටයි දෙකටම සල්ලි වියදම් කරනවට වඩා සුදුසුයි English බැරිනම් English class යනඑක, නොතේරුන දෙයක් දන්නා කෙනෙක්ගෙන් අහගන්න එක,තමන්ගේ හැකියාවන් වර්නධනය කරගෙන සාර්ථකව ජීවිතේට මුනුන දෙන එක.


අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා , පාස් වෙනවට වඩා පේල් වෙන කෙනා ගොඩක් දේවල් ඉගනගන්නවා,පාස් වෙච්ච මිනිස්සුන්ට වඩා පේල් වෙච්ච් මිනිස්සු මේ ලෝකෙට ගොඩක් දේවල් කරලා තියෙනවා, ඒ නිසා අනුන්ගේ දැනුමට සල්ලි ගෙවල පාස් වෙනවට වඩා තමන්ගේ දැනුම පාවිච්චිකරන පේල් උනත් එක ගොඩක් වටිනවා. A /L ,O /L පෙල් උනා කියල ළමයට බනිනවට වඩා තමන්ගේ ශක්තියෙන් නැගී සිටින විදිය කියලාදෙන එකයි වටින්නේ . මෙන්න මේ ටික තේරුම් අරගෙන සහතිකයක් ගත්තොත් එක තමන්ගේ ජීවිතයට බොහෝ දේ එක්වේවි.

87 views

©2020 by Dr.Himendra Balalle. 

No 928,Athurugiriya,Colombo,Sri Lanka